Sunday, September 22, 2024

General line - 0115112241

සයිටම් ගැටළුවට අගමැතිගෙන් විසඳුමක්




සයිටම් ගැටළුව සම්බන්ධයෙන් පිළිගත විසඳුමක් ලබාදීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී එකඟතාව පළ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා. 

"අපි පැහැදිලිව අපේ ස්ථාවරය අගමැතිතුමාට පැවසුව. මේ සම්බන්ධයෙන් අපේ යෝජනා 05 එතුමට ලබා දුන්න. එය අධ්‍යනය කරපු අගමැතිතුමා කිව්වෙ මටනම් මේකෙ කරන්න බැරි දෙයක් පේන්න නැහැ කියලයි."


ඊයේ පැවති මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ද අද මහනුවර දී මාධ්‍ය හමුවේ කරුණු දැක්වූවා.

"අග්‍රාමාත්‍යතුමා පැහැදිලිවම කිව්ව ඔබලා බොහොම වැරදියි ඇමතිවරුන්ට පුද්ගලිකව චෝදනා කිරීම ගැන. සෞඛ්‍ය ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග අරගෙනයි තියෙන්නෙ කියල ඔවුන්ට කිව්ව. ඒව තනි තීරණ නොවන බවත් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය දැනුවත්වයි සිදුවෙන්නෙ කියලත් එතුමා පැහැසදිලිව කිව්වා."


මාළඹේ සයිටම් ආයතනයට අයත් නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීමේ උත්සවය ලබන 17 වනදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.