Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පිතිකරුවන් මෙල්ල කරන රහස මෙන්න




සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (14) ආරම්භ වන ටෙස්ට් තරගයට ඉහළ මානසිකත්වයකින් යුතුව මුහුණදීමට සූදානම් බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. සියලූම ක‍්‍රීඩකයින් ඒ සඳහා ඉහළ සූදානමකින් යුතුව පෙර පුහුණුවීම්වල නිරත වූ බවයි ශ‍්‍රී ලංකා නායකයා කියා සිටියේ. සිම්බාබ්වේ පිතිකරුවන් මෙල්ල කිරීමට යොදා ගන්නා උපක‍්‍රමයක් පිළිබඳව ද ඔහු අද පැවති මාධ්‍ය හමුවක දී කරුණු පැහැදිලි කළා. 

"ඒ කණ්ඩායම අඩු තක්සේරුවට ගන්නේ නැහැ. දැන් අපට ටෙස්ට් සංචිතයට පලපුරුදු රංගන හේරත් දිල්රුවන් පෙරේරා ඉන්නව අපි ලඟ හොඳ තුරුම්පු දෙකක් ඉන්නව. ලේසියෙන් ඔවුන්ට ඔවුන්ගෙ තරඟ රටාවට යන්න දෙන්නේ නැහැ"