Saturday, January 11, 2025

General line - 0115112241

මහවැලි මහාසෑයට මල්වත්තෙන් විරෝධයක්




කොත්මලේ මහවැලි මහාසෑය සහ එම විහාරස්ථානය මහවැලි සංස්කෘතික පදනමට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලාගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. දෙනුවර ප‍්‍රධාන සංඝනායක කිරිබත්කුඹුර, ඵලදාව පුරාණ විහාරාධිපති පූජ්‍ය කිරිබත්කුඹුරේ සීවලී හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර දී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් අදහස් පල වුණා.


මේ සම්බන්ධයෙන් අමාත්‍ය නවීන් දිසානායකගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.

මේ ස්ථානය පාලනය වන්නේ මහවැලි සංස්කෘතික පදනම නම් පාර්ලිමේන්තු පණත මගින්. දැනට වැඩ සිටින ස්වාමීන් වහන්සේට නෛතික බලයක් නැහැ එහි ඉන්න. නමුත් අපි උන්වහන්සේට ඇති ගෞරවය නිසා දිගටම ඉන්න අවසර දුන්නා. මේ ලැබෙන මුදල් නිසි ලෙස පරිහරණය කර කොත්මලේ හැම විහාරස්ථානයකටම ලබාදීමයි අරමුණ" යැයි අමාත්‍යවරයා පැවසුවා.