Saturday, January 11, 2025

General line - 0115112241

දේශිය සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක්!




මෙම වසරේ අග භාගයේ දී සහ ලබන වසරේ මුල් කාල සීමාවේ දී දේශීය සහල් සැපයුමේ අඩුවීමක් සිදු විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමක දී කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මේ බව කියා සිටියා.

පවතින නියං තත්වය හේතුවෙන්  මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර එක් ලකෂ පනස් දහසක් පමණ අස්වද්දා නැහැ. ඒ හේතුවෙන් මතුවිය හැකි තත්වයන් පිළිබඳ නෙත් නිවුස් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් කළ කරුණු විමසීමක දී ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

"හෙක්ටයාර හාර ලක්ෂයක් යල කන්නයේදී වවනව. මෙවර වවල තියෙන්නෙ දෙලක්ෂ පනස්දාහයි. ඒකට නියඟය බලපානව. කලින් යල සහ මහ කන්නයේ වවපු සහල් තියෙනව. දෙසැම්බර් සහ ජනවාරියේදී යම් සහල් හිඟයක් ඇතිවෙන්න පුලුවන්"