Monday, September 23, 2024

General line - 0115112241

අනවසරයෙන් කසල බැහැර කළ 271 දෙනෙකු අත්අඩංගුවට




අනවසරයෙන් කසල බැහැර කළ පුද්ගලයින් 271 දෙනෙකු ඉකුත් 18 සහ 19 යන දිනවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.  

කොළඹ උතුර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ, නුගේගොඩ, කල්කිස්ස, ගම්පහ, කැළණිය සහ මීගමුව යන ප්‍රදේශවලින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

මෙම පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද පොලිසිය පැවසුවා. 

අනවසරයෙන් කසල බැහැර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.