Monday, September 23, 2024

General line - 0115112241

වෛද්‍ය සිසුවා පැහැර ගැනීමට ආ වාහනය ගැන මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්




වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රීයාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සිය අමාත්‍යාංශයට අයත් වාහනයක් පැමිණි බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මෙම සිද්ධියට අදාළව භාවිත කළා යැයි පැවසෙන NA 0410 දරණ වෑන් රථයක සේයාරුවද මාධ්‍ය මගින් පළ කර තිබුණා.

පසුගිය රජය සමයේ මෙවන් වාහන ආබාධිත රණවිරුවන්, ක්‍රීඩකයන් සේම ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගම්, හෝටල්, අනුමත රාජ්‍ය නොවන සංවිධාන සහ සංචාරකල ප්‍රවාහන වැනි ආයතනවලට තීරුබදු රහිතව ආනයනය කිරීමට අවසර දී තිබූ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

අදාළ රථයද එම පදනම යටතේ ආනයනය කර ඇති වාහනයක් බව තහවුරු වී ඇතැයි ද මුදල් අමාත්‍යාංශයට නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙලෙස තීරු බදු රහිතව ආනයනය කිරීමේදී පනවා ඇති එකම කොන්දේසිය වන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ඒවා අන්සතු කිරීම, අළෙවි කිරීම සහ බදුදීම කළ නොහැකිය යන්න පමණයි.

එවන් කොන්දේසි තිබූ පමණින් එම වාහනය කිසිසේත් සිය අමාත්‍යාංශය සතු වාහනයක් නොවන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.