Monday, September 23, 2024

General line - 0115112241

අත්බෝම්බ ප්‍රහාරයකින් අගුණුකොළපැලැස්සේ 17 කට තුවාල

සනත් ගමගේ




අගුණුකොලපැලැස්ස, වැටිය හංදිය ප්‍රදේශයේ දෙපිිරිසක් අතර ඇති වු ගැටුමක් අතරතුර එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

ඇඹිලිපිටිය - නෝනාගම  මාර්ගයේ වැටිය හංදිය අසල ගැටුමක් හටගෙන ඇති බවට ලැබුණු තොරතුරක් අනුව අදාළ ස්ථානයේ විමර්ශනයක් සිදුකරන අවස්ථාවේදී එම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

එම අවස්ථාවේ අවට නිවෙස්වල පුද්ගලයන්ද අදාළ ස්ථානයට රැස්වී සිටි බව පොලීසිය පැවසුවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ 14 දෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් තිදෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

දීර්ඝ කාලයක් තිස්සේ පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.