Saturday, May 4, 2024

General line - 0115112241

අද දවස පුරාම ඩෙංගු මර්දන මෙහෙයුම් රැසක් (UPDATE)

සජිත් තිලකරත්න




පානදුර හා අවට ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අද (23) පැවති ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථකව අවසන් කෙරුණා. 

තවත් වැඩසටහනක් සිදු කෙරුණේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදීයි. 

මාතර කනංකේ ප්‍රදේශය ආවරණය කරමින්ද අද තවත් ඩෙංගු මර්දන මෙහෙයුමක් සාර්ථකව සිදු කෙරුණා. 

නෙත් එෆ් එම් රේඩියෝව මෙන්ම වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් ද මෙම ඩෙංගු මර්දන මෙහෙයුමට සහය දැක්වුවා. 

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.  






------------------------------------------------

(UPDATE) (23-07-2017 07:14)

තවත් කෙනෙකුට චෝදනා කිරීමට හෝ යෝජනා සාකච්ඡා කිරීමට පමණක් සීමා නොවී අභියෝග ජය ගැනීමට ක‍්‍රියාවෙන්ම පෙරට ආ යුතු බව වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පයෙන් අවධාරණය කෙරෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව හඳුන්වා දුන් මෙම සංකල්පයෙන් දිරිමත්ව රටපුරා බොහෝ පිරිස් මේ වනවිට ඩෙංගු මර්දන මෙහෙයුම්වල යෙදී සිටින්නේ ඩෙංගු යනු මේ මොහොතේ රට හමුවේ ඇති ප‍්‍රධානම අභියෝගයක් බව තේරුම් ගනිමින්.

එවැනි ඩෙංගු මර්දන මෙහෙයුම් කිහිපයක් අදත් සිදු කෙරෙනවා. එම එක් මෙහෙයුමක් සිදු කෙරෙන්නේ පානදුර හා අවට ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්.

ඒ පිළිබඳ කරුණු දැක්වූ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ‍්‍රීමලි අමරසිංහ සඳහන් කළේ මේ මොහොතේ ඩෙංගු මර්දනය සඳහා සෑම පුද්ගලයෙකුම හැකි උපරිමයෙන් කැප විය යුතු බවයි. 

නෙත් එෆ් එම් රේඩියෝව මෙන්ම වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය ඇතුළු තවත් පාර්ශ්ව කිහිපයක් ද මෙම ඩෙංගු මර්දන මෙහෙයුමට සහය වනවා. 

වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පයෙන් දිරිමත්ව සංවිධාන කෙරෙන තවත් ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිදු කෙරෙන්නේ ගම්පහ ඉඹුල්ගොඩ ප‍්‍රදේශයේදීයි. රාජ්‍ය ආයතනවල ද සහයෙන් සිවිල් සංවිධාන කිහිපයක් මෙම මෙහෙයුම සංවිධාන කර තිබෙනවා. 

ඉඹුල්ගොඩ රාජසිංහ විද්‍යාලය සහ ලුම්බිණි කණිෂ්ඨ විද්‍යාලය ද ඊට එක්වීමට නියමිතයි. මාතර කනංකේ ප‍්‍රදේශය ආවරණය කරමින්ද අද තවත් ඩෙංගු මර්දන මෙහෙයුමක් සිදු කෙරෙනවා. 

(ගම්පහ වැඩසටහනේ ඡායාරූප - සජිත් තිලකරත්න)

-----------------------------------

ඩෙංගු මර්දන මෙහෙයුම් රැසක් හෙටත් 

(2017 - 07 - 22 15:39)

නෙත් එෆ් එම් රේඩියෝවේ වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පයෙන් දිරිමත්ව සංවිධාන කෙරුණු තවත් ඩෙංගු මර්දන මෙහෙයුමක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 514 - ඩී වැලිකඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ දී අද (22) සිදු කෙරුණා.

වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පයෙන් සංවිධාන කෙරෙන මෙම ඩෙංගු මර්දන මෙහෙයුම්වල විශේෂත්වයක් වන්නේ ප්‍රජා දායකත්වයක් සහිතව ඒවා සිදු කිරීමයි.

 අද සිදු කෙරුණු ඩෙංගු මර්දන මෙහෙයුමට ද ප්‍රදේශවාසීන්ගේ ඉහළ සහභාගීත්වයක් ලැබී තිබුණා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ හෙට (23)දිනයේ ද ඩෙංගු මර්දන මෙහෙයුමක් සිදු කෙරෙනවා.

526 - සී ගංගොඩවිල නැගෙනහිර ප්‍රදේශය එහිදී ආවරණය කිරීමට නියමිතයි.

පානදුර හා අවට ප්‍රදේශ ආවරණය කරමින් ද හෙට ඩෙංගු මර්දන මෙහෙයුමක් සිදු කෙරෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝවේ වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පය යටතේ ප්‍රජා සහභාගීත්වය ද සහිතව මෙම මෙහෙයුම සිදු කරන බවයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි වෛද්‍ය ශ්‍රීමලි අමරසිංහ කියා සිටියේ.

මෙම ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ද එක්වීමට නියමිතයි.

වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පයෙන් දිරිමත්ව සංවිධාන කෙරෙන තවත් ඩෙංගු මර්දන මෙහෙයුම් 02ක් ගම්පහ ඉඹුල්ගොඩ සහ මාතර කනංකේ යන ප්‍රදේශවල ද හෙට සිදු කෙරෙනවා.

ගම්පහ ඉඹුල්ගොඩ ඉහලයාගොඩ ප්‍රදේශයේ සිදු කෙරෙන මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා සිවිල් සංවිධාන රැසක්ද එක්ව සිටිනවා. 

නෙත් එෆ් එම් රේඩියෝවේ වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පය යටතේ කනංකේ ප්‍රදේශයේ සංවිධාන කෙරෙන ඩෙංගු මර්දන මෙහෙයුම හෙට සිදු කෙරෙන්නේ කනංකේ පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන්.