Monday, September 23, 2024

General line - 0115112241

වාර්තාවක් ඉල්ලා සාගලගෙන් පූජිත්ට නියෝගයක්  




වෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ  කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීමට  යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර තිබෙනවා.


එම අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කල ක්‍රමවේදයන්  පිළිබඳව පරීක්ෂණය සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය එම ස්ථානයට ගියේ  පසුගිය ජුනි මස 21දායි.

 

පොදු දේපල පනත යටතේ මාලිගාකන්දමහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී/16250/17 දරණ අංකය යටතේ නඩුවක් රයන් ජයලත්ට ඇති අතර කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ  බී 3049/16 ට අදාල නඩුවට  වරෙන්තුවක් ද ඇති බව අමාත්‍ය සාගල රත්නායක නිකුත් කළ නිවේදනයක සඳහන්.