Monday, September 23, 2024

General line - 0115112241

ඊයේ රෑ අගුණකොලපැලැස්සේ බෝම්බ ගැසූ සැකකරු හසුවේ 




අගුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ දී අත්බෝම්බයක් පුපුරුවා පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදු කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමක් අතරතුරදීයි සැකකරු මෙමඅත්බෝම්බය පුපුරුවා ඇත්තේ. 

පෞද්ගලික ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇතැයි මූලික විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ 14 දෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් තිදෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කළා.