විදෙස්ගත වන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා විවිධ නීති පැනවූවත් ඇතැම් පිරිස් එම නීති මගහැර තවදුරටත් විදෙස් ගතවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.
විදෙස්ගතව සිට විවිධ හිරිහැරයන්ට ලක්වූ ඇතැම් තැනැත්තන්ද රජය මගින් මව්බිමට ගෙන්වා ගත් පසු නීති විරෝධීව නැවත විදෙස්ගත වීමට උත්සහ කරන බවයි ඇය කියා සිටියේ.
අමාත්‍ය තලතා අතුකෝරළ එම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.