Tuesday, December 17, 2024

General line - 0115112241

ඩෙංගු මර්දනයට ඇවිත් සල්ලි ඉල්ලුවොත් පරිස්සමින්




ඩෙංගු මර්දනය සඳහා යැයි පවසමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් පිළිබඳ නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ පිළිබඳ කළ විමසීමක දී හෙළි වුණේ පළාත් පාලන ආයතනයක සේවකයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටින පුද්ගලයෙකු මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

වංචාවට ලක් වූ පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු ලැබී තිබෙනවා.

කුලියාපිටිය නගර සභාවේ ලේකම් ධර්මසිරි ජයවර්ධන සඳහන් කළේ අදාළ පුද්ගලයා විවිධ පිරිසිදු කිරීම් සිදු විය යුතු බවට පෙන්වා දෙමින් මුදල් ලබාගත් බවට පැමිණිළි ලැබී ඇති බවයි. 

ඩෙංගු මර්දනය සඳහා යැයි පවසමින් මුදල් එකතු කරන වංචනිකයින්ට හසු නොවන්නැයි ද එවැනි වංචනිකයින් පිළිබඳ තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.