Monday, September 23, 2024

General line - 0115112241

යාපනය මහාධිකරණ විනිසුරුට එල්ල වූ ප්‍රහාරය මල්වතු පාර්ශ්වය තරයේ හෙළාදකී




මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීම තරයේ හෙළා දකින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශී‍්‍ර විමලධම්ම හිමියන් පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.

මේ රටේ නීතිය ආරක්ෂා කර ගැනීමට සියලු නිලධාරීන් කටයුතු කළ යුතු බවත් ඊට බලපෑම් ඇතිවන ආකාරයේ ක්‍රියා සිදු නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කෙරුණා.

මේ අතර යුද්ධය අවසන් කිරීමට දායකත්වය ලබාදුන් රණවිරුවන් විවිධ හිරිහැරයන්ට මුහුණදෙමින් සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසනවා.