Saturday, July 27, 2024

General line - 0115112241

දරුවන් අපයෝජනය කළ පූජකවරයෙකු අත්අඩංගුවට

කුෂාන් ජයවර්ධන




කුඩා දැරියන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධියකට සැකපිට පූජකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කැකිරාව හෝරාපොළ ප්‍රදේශයේදීයි. සැකකාර පූජකවරයා වයස අවුරුදු 08 සහ 09 වයස්වල පසු වූ දැරියන් දෙදෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ. 

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්. 

සැකකරු විසින් තවත් කුඩා දරුවන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ. 

කැකිරාව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.