Saturday, July 27, 2024

General line - 0115112241

නෙත් නිවුස් දුන් තොරතුරෙන් මොරටුවේ කුඩු රැජින ඇතුළු තුනක් STF දැලේ




වසර ගණනාවක් පුරා මොරටුව ඇතුළු ප්‍රදේශ ගණනාවකට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමේ නිරත වූ ප්‍රධාන පෙළේ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, මොරටුව කටුබැද්ද රාහුල පාරේ සුමුදු පෙදෙසේදීයි. 

එම කාන්තාවන්ට සහය දැක්වූ තරුණයෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැණුනා.
 
මොරටුවේ "කුඩු රැජින" ලෙස සැලකෙන 51 වියැති වන්නකුවත්ත වඩුගේ අනුලා සිල්වා නොහොත් කුඩු ශ්‍රියානි ද මෙලෙස අත්අඩංගුවට පත් පිරිසට අයත්. 

ඇයගේ ලේලිය වන 28 වියේ පසුවන රකිනාවසම් සිතාරා මධුෂානි හෙවත් අයරින් අක්කා නමැති කාන්තාව ද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. 

ඔවුන්ගේ පවුලේ ඥාතීන් ද දීර්ඝ කාලයක සිට මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවටයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ. 

මෙම සැකකාරියන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. 

මෙම පිරිස විසින් සිදු කරනු ලබන මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු ලැබී තිබූ අතර ඒ පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකාය දැනුවත් කිරීමෙන් පසු මෙම වැටලීම් සිදු කෙරුණා. 

වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම සැකකරු සහ සැකකාරියන් ගල්කිස්ස පොලිසියට භාරදී තිබෙනවා.