Saturday, July 27, 2024

General line - 0115112241

කෝටියකට වැඩි වටිනාකමින් යුත් මැණික් සමග පුද්ගලයෙක් දැලේ




රුපියල් ලක්ෂ 115ක වටිනාකමකින් යුත් මැණික් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී රේගුව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. 

ඩුබායි සිට පැමිණි ප‍්‍රංශ ජාතිකයෙකු විසින් මෙම මැණික් තොගය මෙරටට රැගෙනවිත් තිබුණා. 

නිල් මැණිකක් සහ පුෂ්පරාග වර්ගයේ මැණික් 03ක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබෙනවා. 

මීට අමරතව සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ දෙකක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 09ක් සහ විදේශීය දුම්වැටි තොගයක් ද සොයා ගැණුනා. 

සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රේගුව තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.