Saturday, May 4, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවයක් අරඹයි




සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) විරෝධතාවයක නිරත වනවා. 

දිවයිනේ තෝරාගත් ස්ථාන රැසක දී විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් අද උදෑසන ආරම්භ වන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිටින්. 

හෙට දිනයේ පැවැත්වෙන ජාතික සමුළුවේ දී ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි. 

මේ අතර ශිෂ්‍ය මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් හෙට පෙරවරු අටේ සිට දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.