Saturday, May 4, 2024

General line - 0115112241

ලිප්ටන් වටරවුමේ සත්‍යග්‍රහයේ නිරත වූ සරසවි සිසුන්ට ඇප




අධිකරණ නියෝග කඩ කරමින් කොළඹ ලිප්ටන් වටරවුමේ සත්‍යග්‍රහයක නිරතවීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 13 දෙනා ඇප මත මුදා හැරුණා. 

ඒ, කොළඹ වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අනුවයි. 

මේ වනවිට ඔවුන් සිය සත්‍යග්‍රහය අතහැර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

"නොනිදන අරගලය" නමින් ලිප්ටන් වටරවුම ආසන්නයේ සත්‍යග්‍රහයේ නිරත වූ වෛද්‍ය පීඨ සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ඊයේ (23) පස්වරුවේ ජල ප්‍රහාරයක් ද එල්ල කළා. 

අදාළ සරසවි සිසුන් අත්අඩංගුවට ගැණුනේ එම අවස්ථාවේදීයි. 

ඇප මත මුදාහළ ඔවුන් ලබන 28 වනදා යළි අධිකරණයට කැඳවීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ. 

මෙම සත්‍යග්‍රහයට කිසියම් පිරිසක් මීට පෙර ගල් ප්‍රහාරයක් ද එල්ල කළා.