කොත්මලේ මහවැලි මහසෑය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය විසඳන්නැයි කොත්මලේ ප්‍රදේශයේ මහා සංඝරත්නය මල්වතු පාර්ශවයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ඊයේ (23) පස්වරුවේ මහා සංඝරත්නය ප්රමුඛ දායක සභාවේ විශාල පිරිසක් මල්වතු අනුනායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුවයි.
එහිදී මල්වතු අනුනායක හිමියන් වෙත විශේෂ සංදේශයක් ද භාර දුන්නා.
කොත්මලේ මහවැලි මහසෑ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනාන්ද හිමියන් ඉල්ලා සිටින්නේ මහවැලි මහාසෑය පෞද්ගලික පදනමකට පැවරීම අත්හිටුවන ලෙසයි.
කෙසේ වෙතත් මහවැලි මහසෑ විහාරස්ථානය සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගන්නේ නම් එය සිදු කරන්නේ මල්වතු මහා විහාර කාරක සංඝ සභාවේ එකඟතාවය මත බවයි මෙහිදී අදහස් දක්වා ඇති මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ප්‍රකාශ කර ඇත්තේ.