Saturday, May 4, 2024

General line - 0115112241

18 වංගුවේ රිය අනතුරකින් විසි දෙදෙනෙකු රෝහලේ

තරංග රුක්ෂාන් ජයසේකර




මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 08 වන වංගුවේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

ඒ, ඔවුන් ගමන්ගත් පෞද්ගලික බස් රථයේ තිරිංග අක්‍රීය වී මාර්ගයෙන් ඉවතට ධාවනය වීම හේතුවෙන්. 

තුවල ලැබූවන් මහියංගණය රෝහලට ඇතුළත් කෙරුණා. 

ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වෛද්‍යවරුන් පැවසුවේ. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. 

කොළඹ පැවති ආගමික කටයුත්තකට සහභාගී වී ආපසු යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.