Saturday, July 27, 2024

General line - 0115112241

විදුහල්පතිගේ පරිගණක උපකරණ වලට හානි සිදුකළ ආදි සිසුන්ව පොලිස් සුනඛයා හඳුනා ගනී (PHOTO)

හැටන් - රන්ජිත් රාජපක්ෂ




බගවන්තලාව පොලිස් වසමට අයත් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ එම පාසලේම ආදි සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් (22) රාත්‍රීයේ  මෙම සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාගේ නිල කාමරයට ඇතුලු වි පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ බවට විදුහල්පතිවරයාගෙන් ලද පැමිණීල්ලක් මත හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේ සහයෝගය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලබා ගෙන තිබෙනවා.

පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකිරිමට උපයෝගි කර ගත් පොල්ලක් ඉව කළ ජොනි සුනඛයා පාසල ආසන්නයේ පිහිටි වතු නිවාස පෙළක් මතට ගොස් සැකකාර සිසුන් දෙදෙනා හඳුනා ගත් බවයි බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

විදුහල්පතිවරයා සමග තිඛෙන අමනාපයක් හේතුවෙන් තමන් දෙදෙනා මෙම පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ  බවට සැකකාර සිසුන් දෙදෙනා පිළි ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරා සිසුන් දෙදෙනා අවුරුදු දාහතේ පසුවන අය බවත් සිසුන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසුවා.