Saturday, July 27, 2024

General line - 0115112241

සුහද හමුව අතරේ පිහිනුම් තටාකයේ ගිලේ




මහනුවර දිගන නිවාඩු නිකේතනයක පිහිනුම් තටාකයේ දියනාමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

අදාළ නිවාඩු නිකේතනයේ දී මිතුරන් සමග සුහද හමුවක් පැවැත්වීමෙන් පසුව දියනෑමට ගිය අවස්ථාවේ දී දියේ ගිලී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

මෙලෙස මියගොස් ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්තුන් හැවිරිදි පුද්ගලයෙක්. 

පශ්චාත් මරණ පරීක්ෂණය මැණික්හින්න දිසා රෝහලේ දී අද (24) සිදු කිරීමට නියමිතයි.