Saturday, July 27, 2024

General line - 0115112241

යාපනයේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු තවමත් නිදැල්ලේ




යාපනය නල්ලුර් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇතැයි සඳහන්. 

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ සතිෂ් ලෙස හඳුනාගෙන ඇති ප්‍රධාන සැකකරු මේ වනවිට චාවකච්චේරි ප්‍රදේශයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. ඔහු හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකු වන අතර පසුව පුනරුත්ථාපනය ලැබූ අයෙක්. 

ඔහුගේ වැඩිමහල් සොහොයුරා සහ තවත් ඥාතියෙකු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.