Saturday, July 27, 2024

General line - 0115112241

වෙසක් පොහොය වෙනස් වූ හේතු ආණ්ඩුව හෙළි කරයි




වෙසක් පොහොය දිනය යෙදෙන දිනය තීරණය කරනු ලබන්නේ ආණ්ඩුව විසින් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. 

අමාත්‍යවරයා කියා සිටියේ එය තීරණය කරනු ලබන්නේ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් බවයි. 

ඔහු මෙම අදහස් පල කළේ ලබන වසරේ වෙසක් පොහොය යෙදී ඇති දිනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්. 

කෙසේ වෙතත් අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ පෝය කමිටුව විසින් ලබන වසරට අදාළ පොහොය දිනයන් සකස් කර ඇති බවයි. 

ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන්, ශ්‍රී ලංකාවේ නිවාඩු පනත අනුව නිවාඩු ගැසට් කළ බවද ඔහු කියා සිටියා. 

අදාළ විද්වත් කමිටුව විසින් වෙසෙක් පොහොය යෙදෙන දිනය මේ යැයි ප්‍රකාශ කළ පරිදි එය ගැසට් කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

වෙසක් පොහොය දිනය විවිධ අවස්ථාවල දී අප්‍රේල් මාසයේ යෙදී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.