Monday, September 23, 2024

General line - 0115112241

දකුණු පළාතෙන් නව තරග වාර්තා 08ක් බිහි වෙයි 




27 වන වරට පැවති දකුණු පළාත් ක්‍රීඩා උළලේ දී නව තරග වාර්තා 08ක් බිහි වී තිබෙනවා. 

උස පැනීමේ ඉසව්වෙන් මංජුල කුමාර මීටර දෙකයි දශම එකයි එකක් වාර්තා කරමින් නව වාර්තාවක් බිහි කළා. 

මීට අමතරව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඩී එස් රණසිංහ නව වාර්තාවක් බිහිකළේ මීටර් 75.43ක දක්ෂතාවක් දක්වමින්. 

මිටිය විසි කිරීමේ ඉසව්වෙන් සිසිර කුමාරත්, රිටි පැනීමේ ඉසව්වෙන් ඉෂාර මාධවීත්, මීටර් සියය ඉසව්වෙන් ඉවන්ති ඉමේෂිකාත්, මීටර් 200 ඉසව්වෙන් විනෝද් සුරංජයත් නව වාර්තා බිහි කළා. 

මීටර් 400 ඉසව්ව තත්පර 54.9 කින් අවසන් කර නව වාර්තාවක් බිහි කළ හම්බන්තොට එල් ඒ නිමාලි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා. 

මීටර් 100 ඉසව්ව තත්පර 10.28කින් නිම කර නව වාර්තාවක් බිහි කළ විනෝද් සුරංජය දක්ෂතම ක්‍රීඩකයායි. 

දකුණු පළාත් ක්‍රීඩා උළෙල නිමාවට පත්වූයේ ගාල්ල දිස්ත්‍රික්කයට සමස්ත ශූරතාව හිමිකර දෙමින්. 

මේ අතර 27වන දකුණු පළාත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළලේදී පසුගිය ආසියානු ක්‍රීඩා උළලේ රන් හා රිදී පදක්කම් දිනූ දකුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට මුදල් ත්‍යාග හා සහභාගි වූ සියල්ලම ඇගයීමට ලක් කිරීමද සිදු වුණා.