Saturday, July 27, 2024

General line - 0115112241

"රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා"




රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් වැරදි කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක පෙන්වා දෙන්නේ එසේ නොවන්නේ නම් සමස්ත රණවිරුවන්ම අපකිර්තියට පත් වන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යරයා මේ බව කියා සිටියා. 

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඇතැමුන් රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සන්දර්ශනයක නිරත වන බවයි.