Saturday, July 27, 2024

General line - 0115112241

ලංකාවට වාහන ගෙන්වන ප්‍රධාන සමාගම් දෙකක් 'දියවන්නාවට කළ වැඩේ ' පොලිසියට මාට්ටු 




කෝට්ටේ ඇළ මාර්ගයට රසායන ද්‍රව්‍ය සහිත ජලය බැහැර කරන  පුද්ගලික සමාගම් දෙකකට එරෙහිව වැලිකඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මෙම සමාගම්  දිවයිනේ වාහන ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකක් බවයි පොලිසිය සඳහන් කළේ.


ඉන් එක් සමාගමක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් පිරිසිදු කළ වතුර  බැහැර කිරීම සඳහා අවසර ලබා ඇතත් ඔවුන් බැහැර කර ඇත්තේ රසායන ද්‍රව්‍ය සහිත ජලය බවයි පොලිසිය සඳහන් කළේ.

දියවන්නාවට ගලා බසිනු ලබන මෙම ඇළ මාර්ගයට මෙලෙස රසායන ද්‍රව්‍ය සහිත ජලය බැහැර කරන සමාගම්වලට දින 14ක් තුළ මෙම ක්‍රමවේදය නවතා දමන ලෙස අධිකරණය දැනුම්දී තිබෙනවා.