Sunday, May 5, 2024

General line - 0115112241

අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් විසින් රජයේ අමාත්‍යවරයෙකු හට රුපියල් ලක්ෂ 116ක් ගෙවමින් කොළඹට ආසන්න ප‍්‍රදේශයක මහල් නිවසක් කුලී පදනම මත ලබා දී ඇති බව අද (24) අනාවරණ වුණා.

ඒ, අදාළ මහල් නිවසේ හිමිකාරීත්වය දැරූ දේපළ වෙළදාම් සමාගමක අධ්‍යක්ෂවරියක් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකදීයි.

අදාළ දේපළ වෙළඳාම් සමාගමට මුදල් ලබාදී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දැරූ පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගම විසින්.

කුලී ගිිවිසුම අවසන් වීමෙන් පසු අදාළ නිවස තමන්ට යළි භාර දෙන ලෙස හෝ මිලදී ගන්නා ලෙස දේපළ වෙළඳාම් සමාගමේ අධ්‍යක්ෂවරිය අර්ජුන් ඇලෝසියස්ට දැනුම්දී තිබෙනවා.

එ් අනුව රුපියල් ලක්ෂ 1650කට අර්ජුන් ඇලෝසියස් විසින් අදාළ නිවස මිලදී ගෙන අමාත්‍යවරයාට ලබාදී ඇති බවයි අනාවරණ වුණේ.