Sunday, May 5, 2024

General line - 0115112241

ඛනිජ තෙල් සේවක වර්ජනය සාර්ථකයි - බෝතල්වලට ඉන්ධන නිකුත් කිරිමත් නවතී




ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තමන් ආරම්භ කළ වැඩවර්ජනය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. 

එහි කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් හෝ සිතා බැලිය යුතු බවයි. 

තම ඉල්ලීම් සඳහා ඊයේ (24) පස්වරුව වනතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා වර්ජනය ආරම්භ කළ බවයි ඔහු සඳහන් කළේ.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි. 

කෙසේවෙතත් ගැටලූවට අවසාන විසදුමක් ලැබෙන තුරු වර්ජනය අත්නොහරින බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.