Sunday, May 5, 2024

General line - 0115112241

කරදියනාරු සන්සුන් - එස්.ටී.එෆ් සෙබළුන් 6 කට තුවාල




කරදියනාරු ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට සම්පූර්ණයෙන් තහවුරු කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ප්‍රදේශයේ ආරක්ෂාවට අතිරේක පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා ඇති බවයි.

වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඊයේ (24) පස්වරුවේ ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ට පහරදී තිබුණා. 

එම ප්‍රහාරයෙන් නිලධාරීන් හය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

තත්ත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩි තැබීමක්ද සිදුකර තිබෙනවා. 

ඉන් බිය වු පුද්ගලයෙකු අසල තිබූ කලපුවට පැන ඇති අතර එහිදී ඔහු දියේ ගිලී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.