Sunday, May 5, 2024

General line - 0115112241

ඊයේ රෑ පන්සල මංකොල්ල කන්න ගිහින් වෙච්ච වැඩේ




මීගලෑව ප්‍රදේශයේ  විහාරස්ථානයක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.


ඊයේ (24) රාත්‍රී   9.00ට පමණ මෙම දෙදෙනා  බුදු පිළිමයක් හා මැණික් ගල් කොල්ලකෑමට ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලීසිය  යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී  සැකකරුවන් පොලීසියට වෙඩි තබා තිබෙනවා.

ඉන් අනතුරුව පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර  හමුවේ සැකකරුවන් දෙදෙනා තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකු මීගලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක් ස්තෝලයක් හා ජීව අත්බෝම්බයක් සොයාගැනීමට පොලිසිය සමත්වුණා.