Sunday, May 5, 2024

General line - 0115112241

අගමැති - අර්ජුන විශේෂ සාකච්ඡාවක 




ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (24) රාත්‍රියේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා වී තිබෙනවා. 

එහිදී අමාත්‍ය රවී කරුණානායක පෙන්වා දී ඇත්තේ අයි. ඕ. සි සමාගමේ බෙදා හැරිම් කටයුතු තවදුරටත් ශක්තිමත් කර හෝ ඛනිජ තෙල් සේවක වර්ජනයට සාර්ථකව මුහුණ දිය යුතු බවයි. 

ඛනිජ තෙල් සේවකයන්ගේ ඉල්ලීම් නීති විරෝධී බවද අමාත්‍යවරයා මෙහිදී දැඩිව ප්‍රකාශ කර තිබෙනවා. 

මෙහිදී අමාත්‍ය කබීර් හෂිම් ද අදහස් දැක්වූවා. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සමයේ සිටම විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර තිබූ බවයි. 

එම කාලයේ නිහඬව සිටි වෘත්තිය සමිති නියෝජිතයන් දැන් දේශපාලන වාසි ලබාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

මේ අතර දැනට ක්‍රියාත්මක ඛනිජ තෙල් සේවක වර්ජනය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. 

ඒ,  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ අනතුරුවයි. එම සාකච්ඡාව මධ්‍යම රාත්‍රියේ දක්වාම පැවති බවයි වාර්තා වන්නේ.