Sunday, May 5, 2024

General line - 0115112241

අගමැතිගේ හතලිස් වසර වෙනුවෙන් මහරගම සුදානම් 




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් අනිද්දා (27) සිට මහරගම තරුණසේවා සභාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

මෙම වැඩසටහනට සමගාමීව ගෙවී ගිය හතලිස් වසර සහ අනාගත දැක්ම පිළිබඳව විශේෂ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් nethnews.lk කළ කරුණු විමසීමක දී  ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සඳහන් කළේ එම ප්‍රදර්ශණය ජුලි මස 28,29 සහ 30 යන දිනවල පැවැත්වෙන බවයි.

මෙම සෑම දිනයකදීම රාත්‍රියේ මහරගම තරුණ සේවා සභාවේ දී සංගීත සංදර්ශන පැවැත්වීමට ද නියමිතයි.