Monday, September 23, 2024

General line - 0115112241

කොරියාවේ දී වීර ක්‍රියාවක් කළ ශ්‍රී ලාංකිකයා දිවයිනට (PHOTOS)




දකුණු කොරියාවේ රැකියාවකට ගොස් සිටියදී, ගින්නකට හසුව සිටි එරට වයෝවෘද්ධ කාත්තාවක් බේරාගත් ශ‍්‍රී ලාංකිකයා අද (25) දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන් තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද අලුයම 4.30ට පමණ ඔහු දිවයිනට පැමිණි බවයි.

නිමල්සිරි බණ්ඩාර නමැති ඔහු හසලක මිණිපේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉකුත් පෙබරවාරී 10 වැනිදා දකුණු කොරියාවේ නිවසක ගින්නක් හටගෙන තිබූ අතර එහිදී වයෝවෘද්ධ කාන්තාවක් ද එම ගින්නට හසුව තිබුණා.

දකුණු කොරියානු ජාතිකයින් මෙන්ම තවත් විදේශිකයින් රැසක් බලා සිටියදී එම කාන්තාව බේරාගැනීමට අදාළ
ශ‍්‍රී ලාංකිකයා කටයුතු කළ බවයි වාර්තා වුණේ. එහිදී ඔහු ද තුවාල ලැබූ අතර මෙම කටයුත්ත අගය කිරීම සඳහා කොරියානු රජය මගින් නිමල්සිරි බණ්ඩාර විශේෂ ඇගයීමකට ද ලක් කළා.