Monday, September 23, 2024

General line - 0115112241

රාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග බෑ..වරායේ අයිතිය ගැනත් කැබිනට් හමුවට 




රාජ්‍ය ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගත නොහැකි බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීම මෙන්ම  හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් වෘත්තීය සමිති වැඩවර්ජන ආරම්භ කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිතිවලට අයිතියක් ඇත්තේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමට පමණක් බවයි.


හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීම ඉතා හොඳ කරුණක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා එය බදු ගන්නා සමාගම ශ්‍රී ලංකාවට සියයට තිහක අයිතියක් ඇති සමාගමක් බව අද (25) කැබිනට් හමුවේදී පැහැදිලිවූ බව පෙන්වා දුන්නා.

ෂැන්ගිලා ව්‍යාපෘතිය සඳහා සින්නක්කර ඉඩම් ලබා දීම පසුගිය රජය කැබිනට් මණ්ඩලයට ද හොර රහසේ සිදු කළ ද මෙම වරාය සින්නක්කර අයිතියට ලබා නොදෙන බවයි අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටියේ.