Saturday, May 4, 2024

General line - 0115112241

ජනපතිගේ අතේ තිබුණු තෑග්ගෙන් කැබිනට් රැස්වීමට පැමිණි ඇමතිවරු පුදුම වෙලා




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (25) පැවති කැබිනට් රැස්වීමට කේක් එකක් රැගෙන පැමිණියා.

එකවර එම දර්ශනය දැකීමෙන් අමාත්‍යවරුන් පුදුම වී ඇති බවයි වාර්තා වුණේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සුබ පැතීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම කේක් එක රැගෙන පැමිණ තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණ වීම ඊට හේතුවයි.

එහි දී ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් සාමාජිකයින් කේක් රස බලමින් අග‍්‍රාමාත්‍යවරයා සමග සතුට බෙදා ගෙන තිබෙනවා.