Saturday, May 4, 2024

General line - 0115112241

යාපනයේ වෙඩි තැබූ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්




යාපනය නල්ලූර් ප‍්‍රදේශයේ දී පොලිස් සැරයන්වරයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ ප‍්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අගෝස්තු මස 08 වැනි දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි යාපනය මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේ.

සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු අද (25) උදෑසන යාපනය පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනා.