Monday, May 6, 2024

General line - 0115112241

රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි




මහ බැංකු බැදුම්කර කොමිසම  හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතව සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගේ පැමිණීම අද දිනයේදී අවිනිශ්චිත බව වාර්තා වුණා.

ඒ අමාත්‍යවරයා අද දිනයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත බැවින්.

අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා.

එහෙත් අමාත්‍යවරයා කාර්යබහුල බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම්දීම නිසා යළිත් අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයා‍ට නියෝග කර තිබෙනවා.  

----------------------------------------------

ලක්ෂ 1650 ක සුපිරි නිවස ගැන කියන්න රවී අද කොමිසමට එයි

2017 / 07 / 26 05:41

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතයි. අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට එම කොමිසම විසින් නොතීසි ද නිකුත් කර තිබුණා. 

මීට පෙර රවී කරුණානායක අමාත්‍යවරයාට දන්වා තිබුණේ ඊයේ (25) දිනයේ කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙසටයි. එහෙත් ඔහු සිය නීතීඥයෙක් මාර්ගයෙන් කොමිසම වෙත දන්වා තිබුණේ වෙනත් කාර්යන් කිහිපයක් හේතුවෙන් එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි. 

අර්ජුන් ඇලෝසියස් විසින් මසකට රුපියල් ලක්‍ෂ 116 ක මුදලක් ගෙවමින් කොල්ලුපිටියේ මහල් නිවසක් කුලී පදනම මත ලබා දී තිබූ බව කොමිසම හමුවේ ඉකුත් සදුදා අනාවරණ වුණා. ඊට මුදල් ලබාදී තිබුණේ අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දැරූ පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගමයි. 

කුලී ගිිවිසුම අවසන් වීමෙන් පසු රුපියල් ලක්ෂ 1650කට අර්ජුන් ඇලෝසියස් අදාළ නිවස මිලදී ගෙන අමාත්‍ය රවී කරුණානායකට ලබාදී ඇති බවයි වැඩි දුරටත් අනාවරණ වුණේ. ඒ, අදාළ මහල් නිවසේ හිමිකාරීත්වය දැරූ දේපළ වෙළදාම් සමාගමේ අධ්‍යක්ෂවරියක් කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකදීයි.