Monday, September 23, 2024

General line - 0115112241

කාලය ධනය ශ්‍රමය වැය වන මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය ඉවතට - අගමැති ගෙනා යෝජනාවට අනුමැතිය




එකම දිනයකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවයි.

කඩින් කඩ පළාත් සභා මැතිවරණය පැවැත්වීම තුළින් කාලය, ධනය, ශ‍්‍රමය මෙන්ම රාජ්‍ය යන්ත‍්‍රණයට ගැටළු ඇති වන බව ද මෙහි දී ප‍්‍රකාශ වී ඇතැයි සඳහන්. 

මේ අතර ඛණිජ තෙල් වර්ජනය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ. තෙල් ගැටලුව විසදීම සඳහා ඉන්දියන් තෙල් සමාගමේ සහය ලබා ගත හැකි දැයි මෙහි දී සාකච්ඡා වී තිබෙනවා. 

මේ අතර කාර්ය මණ්ඩල ප‍්‍රධානියෙකු පත් කර ගැනීම සඳහා අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.