හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පස්වරුවේ පැවැත්වෙනවා.
එහිදී වත්මන් තත්ත්වය පිළිබඳ හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවටයි සැලකෙන්නේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හා හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් ද පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැත්වුණා.
එහිදී පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 40ක් දක්වා වැඩි කිරීමටත් පළාත් සභාවල කාන්තා නියෝජනය සියයට 30ක් දක්වා වැඩි කිරීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා ඉකුත්දා තාවකාලිකව ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් ඉවත් වන බව පැවසූ මන්ත්රී රොෂාන් රණසිංහ ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.