මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරු දැරියන් වෙනුවෙන් Grade5.lk පවත්වන පෙරහුරු විභාගය සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව අසූ දහස ඉක්මවා තිබෙනවා.
ඒ දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදියි.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් මෙම පෙරහුරු විභාගය නොමිලේ පැවැත්වෙනවා. ඒ සඳහා Grade5.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතුයි.
වෙබ් අඩවිය තුළින් අන්තර්ජාලය ඔස්සේ පවත්වන මෙම පෙරහුරු විභාගය සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන දරුවන් තුළ ඇත්තේ දැඩි උනන්දුවක්.
එළඹෙන සෙනසුරාදා (29) උදෑසන 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා Grade5.lk වෙබ් අඩවිය හරහා මෙම ඔන් ලයින් විභාගය පැවැත්වෙනවා. දිවයිනේ දරුවන් සියලූ දෙනා වෙනුවෙන් එකම අවස්ථාවක දී සහභාගි විය හැකි ලංකාවේ ප්‍රථම පෙරහුරු විභාග අත්දැකීම මෙයයි.
Grade5.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වී නොමිලේ සහභාගි විය හැකි මෙම පෙරහුරු විභාගය සඳහා ලියාපදිංචි වන දරුවන් වෙනුවෙන් පැය 24 පුරාම විවෘත සහයක සේවාවක් ද ක්‍රියාත්මකයි. Grade5.lk ඔන් ලයින් විභාගයේ තොරතුරු 070 300 11 55 අංකය ඇමතීමෙන් දැනගත හැකියි.