Tuesday, May 7, 2024

General line - 0115112241

ඔසවා තිබූ සිංහ කොඩිය බිම දමා පෑගු සැකකරු කොටු කරගත් හැටි




වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස ඔසවා තිබූ සිංහ කොඩිය කඩා බිම දමා පෑගීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය මේ සම්බන්ධ පරීක්ෂණ සිදු කරනවා.

මෙම සැකකරු පළා ගිය මෝටර් රථයේ අංකය ඔස්සේ විමර්ශන සිදු කළ පොලිසිය අදාළ සැකකරු අල්ලාගෙන තිබෙනවා. ඒ වවුනියවේ ප්‍රදේශයකදීමයි. සැකකරු ඉංජිනේරුවෙකු බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වවුනියාව පොලිසිය පැවසූවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිළි කළ පිරිසක් පැවසූවේ කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ කොඩිය කඩා බිම දමා පාගා පළාගිය බවයි.

වවුනියාව පොලිසිය පැවසූවේ අදාළ සිදවීම සිදුකළ පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

(ඒ සම්බන්ධ පෙර පුවත සඳහා මෙතැනින් යන්න - වවුනියාවේ දී සිංහ කොඩිය බිම දමා පාගලා )