Monday, May 6, 2024

General line - 0115112241

දළඳා කරඬුව වැඩමවීමට සිටින  ඇතුන් තිදෙනාම අවිනිශ්චිතයි..දෙදෙනෙක් එන්නෙම නෑ

සමන් විජය බණ්ඩාර




නැදුන්ගමුවේ රාජා  මේවනවිට රෝගී තත්ත්වයෙන් පසුවන බව මහනුවර දළඳා මාළිගාවේ ඇත්පන්තිය භාරව කටයුතු කරන ප්‍රදීප් මීයනපලාවල පවසනවා.

රාජා මේවනවිට මහනුවරට පැමිණෙමින් සිටියද මහනුවර දළඳා පෙරහැරට එක් නොවන බවයි ඔහු කියා සිටියේ.


කතරගම පෙරහැර පැවැත්වෙන නිසා  වාසනා ඇතා ද මෙවර  මහනුවර දළඳා පෙරහැරට එක් නොවන අතර දළඳා මාළිගාවේ ඉන්ද්‍රරාජා ද අසනීප තත්ත්වයෙන් පසුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඉන්ද්‍රරාජා මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර එම සත්ත්වයාට පමණක් කරඬුව වැඩමවිය නොහැකි නිසා අර්බුදයකට මුහුණ දී සිටින බවයි ප්‍රදීප් මීයනපලාවල සඳහන් කළේ.