Monday, May 6, 2024

General line - 0115112241

ඉන්ධන බවුසර්වලට පිට වෙන්න බෑ - මෙන්න කොළොන්නාවේ සහ මුතුරාජවෙල මේ දැන් තත්ත්වය

සජිත් තිලකරත්න




ඉන්ධන බෙදා හැරීම ආරම්භ  කළද ඊට බාධා එල්ල වී ඇති බව  හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ  බවුසර් පිටත් වීමේ මාර්ග අහුරා ඇති බවයි.

කොළොන්නාව සහ මුතුරාජවෙල පරිශ්‍රයන්හි  ගේට්ටු අසල විශාල ප්‍රමාණයේ බවුසර් නවත්වා ඒවායේ රෝදවල හුලං යවා ඇති බව බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පෙන්වා දෙනවා.

මේවනවිට එම බාධා ඉවත් කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.