Tuesday, May 7, 2024

General line - 0115112241

මාතර තවත් ඩෙංගු මර්දන මෙහෙයුමක්

කසුන් කැලුම් /චිරාන් ජීවන්ත




නෙත් එෆ් එම් රේඩියෝව හඳුන්වා දුන් වී ලීඩ් ශ‍්‍රී ලංකා සංකල්පය යටතේ ක‍්‍රියාත්මක තවත් ඩෙංගු මර්දන වැඩසටහනක් මේ වන විට මාතරදී පැවැත්වෙනවා.

ඒ මධ්‍යම පළාත විසින් ලබා දුන් නෙත් ඩෙංගු චැලේන්ජ් අභියෝගය භාර ගනිමින්. 

ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටින බවයි දකුණු පළාත් ග‍්‍රාම සංවර්ධන අධ්‍යක්ෂිකා අනූෂා කුලතුංග පැවසුවේ.

දකුණු පළාත් ක‍්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසේකර සඳහන් කළේ මෙවැනි වැඩසටහන් වර්තමාන සමාජයට වැඩි වශයෙන් අවශ්‍ය බවයි. 

අද දවස පුරා මෙම වැඩසටහන දකුණු පාළාතේ ප‍්‍රදේශ රැසක ක‍්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.