Monday, May 6, 2024

General line - 0115112241

අල්ලා ගත් අලි ඇතුන් 15 ක් මුදා හැරේ




නීති විරෝධී ලෙස පෞද්ගලික ස්ථානවල සහ පන්සල්වල රඳවා සිටියදී පසුගිය දිනවලදී  සොයා ගැනුනු අලි ඇතුන් 21 දෙනෙකුගෙන් 15 දෙනෙකු ශ්‍රී දළදා මාලිගාවේ හා සතර මහා දේවාලවල පෙරහැර සඳහා තාවකාලිකව මුදා හරින්නැයි, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කළා.

හෙට (27) සිට අගෝස්තු 15 වැනිදා දක්වා මෙම අලි ඇතුන් 15 දෙනා මුදා හරින අතර ඒ සඳහා රුපියල් මිලියන 10 බැගින් ඇප බැඳුම්කර තැබිය යුතු වනවා.