Monday, September 23, 2024

General line - 0115112241

තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම ගැන මහින්දගෙන් අදහසක් 




පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලූම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කිරීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දැක්වූ ප්‍රතිචාරයක් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසනවා.

අද (26 ) ට්විටර් ඔස්සේ සජීවීව එක්වූ අවස්ථාවේ  නෙත් එෆ් එම් වෙතින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව සඳහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ   මහතා එහිදී පෙන්වාදී තිබුණේ එය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවන බවයි.

 විරෝධතාකරුවන්ට සවන්දී විසඳුම් ලබාදීම හොඳම ක්‍රමවේදය ලෙසයි ඔහු එහිදී සඳහන් කර තිබුණේ.