Monday, September 23, 2024

General line - 0115112241

හෙට පැය 24 ක ජල කප්පාදුවක්




මාතර වැලිගම ඇතුළු ප‍්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොලේදණ්ඩ, කඩේවත්ත, අලුත්වීදිය, කොහුණුගමුව, පලල්ල, වැලිගම පරණ පාර, හෙට්ටිවීදිය, පරණ කඩේ, කප්පරතොට, කුඹල්ගම, වලාන, වැල්ලත්ත හා නව ගාලුපාර යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව පැලෑන, පොල්වත්ත, පොල්අතුමෝදර,වල්ලිවෙල, මිදිගම, තුර්කිගම්මානය යන ප‍්‍රදේශවලට ද ජල කප්පාදුව බල පැවැත්වෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.