Sunday, May 5, 2024

General line - 0115112241

තෙල් උද්ඝෝෂකයෝ ඉන්ධන දුම්රියක් වටලද්දී හමුදාව තෙල් බවුසර් 10 ක් පිටකරලා (PHOTOS)




ඛණිජ තෙල් බෙදා හැරීමේ වර්ජනයක නිරත වෙමින් සිටින ඛණිජ තෙල් සේවකයින් විසින් ගුවන් යානා සඳහා අවශ්‍ය කරන ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

ඒ කොළොන්නාව ප්‍රදේශයේදීයි.

කෙසේ වෙතත් රට තුළ පෙරේදා සිට පවතින දැඩි ඉන්ධන හිඟය මග හැරවීම සඳහා කොළොන්නාවේ සිට යුද හමුදා මැදිහත්වීම මත ඉන්ධන බවුසර් 10 ක් පිටත් කර හැර ඇති බවද වාර්තා වුණා.