ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයින් 12 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර තිබියදීත් ඉන්ධන බෙදා හැරීමට බාධා කිරීමට හේතුවෙනි.
ඛනිජ තෙල් සංස්ථා සේවකයින් විසින් ගුවන්තොටුපොළට ඉන්ධන ගෙනයාමට පැමිණි දුම්රියකටද අද (26) දහවල් බාධා පමුණවනු ලැබුවා.